ඌව පළාත් සභාවේ මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය වෙත

ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමු …!

 

දරුවකුගේ මුල් ළමාවිය වශයෙන් සැලකෙන වයස අවුරුදු පහ සම්පූර්ණ වන තෙක් කාලසීමාව තුළ මුල් ළමාවිය සංවර්ධනය සඳහාත්, නිසිමඟ පෙන්වීම සඳහාත් සුදුසු හා යෝග්‍ය නෛතික, ආයතනික හා පරිපාලනමය ව්‍යුහයක් ගොඩනැගීම.

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්  පළාත් සභා‍ වෙත  පැවරී ඇති සීමාවන්ට යටත්ව  ඌව පළාත තුළ දැනට පවත්වාගෙන යනු ලබන හෝ මතුවට ආරම්භ කරනු ලබනු ලබන  දිවා සුරැකුම් මධ්‍යස්ථාන,  මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ  ශාරිරික හා මානසික සංවර්ධනය හෝ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ  අරමුණ ඇතිව පවත්වා ගෙන යනු ලබන මධ්‍යස්ථාන  ලියාපදිංචි කිරීම, අධීක්ෂණය කිරීම, පරිපාලනය කිරීම හා මෙහෙයවීම සදහා ද ඊට අනුශාංගික කාරණා සදහා  වූ විධිවිධාන සැලැස්වීම සදහා ද වූ අධිකාරියකි.
දැක්ම

ගුණ නැණ පිරි සතුට සපිරි ළමා ලොවක්

මෙහෙවර

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලට අවශ්‍ය භෞතික සම්පත් සැපයීම, පෙර පාසල් වයසේ පසුවන සියලු දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය ඉහළ නැංවීම තුළින් දරුවන්ගේ විෂය කරුණු ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඉහළ නැංවීම හා, පෙර පාසල් පාලිකාවන්ගේ, ගුරුවරුන්ගේ දැනුම කුසලතා සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීම.